ඒ වෙනුවෙන් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ඊයේ (01) රාත්‍රියේ රුවන්වැලිසෑ පුදබිම ඇතුළු ආගමික ස්ථාන රැසක් කේන්ද්‍ර කර ගනිමන් පැවැත්විණි.
අද දිනයේ ද 25 වන සංවත්සරය සමරමින් සිරස FM වැඩසටහන් රැසක් ද පැවැත්වීමට නියමිතය.
සිරස FM 25 වන සංවත්සරයට සමගාමීව මීගමුව කඩොල්කැළේ ක්‍රීඩාංගණයේදී විශේෂ සංගීත ප්‍රසංගයක් ද අද රාත්‍රියේ පැවැත්වේ.
මෙරට දැවැන්ත සංගීත කණ්ඩායම් 25ක් සහ ගායක ගායිකාවන් 25ක් පෙරටු කර ගනිමින් අද සවස 5.00 සිට මෙම සංගීත ප්‍රසංගය පැවැත්වේ.
1995 වසරේ ජනවාරි 24 වැනිදා වන විට මෙරට පැය 24 පුරා විකාශය කෙරෙන ප්‍රථම සිංහල ගුවන් විදුලිය ලෙස ද සිරස FM ඉතිහාසයට එක්විය.