‘සිනෙ සමාධි’ කවිවර ප්රකාශනයක් වන මෙය සිනමා මාධ්‍යය හා රූප විඥනයත්, එහි දෘෂ්‍ය මනෝ විද්‍යා නියාමයනුත් පිළිබඳ අපූර්ව මෙන්ම විචිත්‍ර ප්‍රවේශයක් සපයනු ඇත.
නිර්මාණාත්මක ලේඛනය: නවකතාවේ වාස්තුවේදය
එමෙන්ම කේ. කේ. සමන් කුමාර විසින්ම සම්පාදනය කළ, ‘නිර්මාණාත්මක ලේඛනය: නවකතාවේ වාස්තුවේදය’ කෘතිය දැන් නිකුත් වී තිබේ.
නිර්මාණාත්මක ලේඛනයේ න්‍යායික පාර්ශ්වය- තාක්ෂණික මෙන්ම දෘෂ්ටිමය පාර්ශ්වය පිළිබ`ද අවබෝධය ලබා ගත හැකි පරිදි මේ සම්පාදනය කොට තිබේ. නවකතා මාධ්‍යය කේන්ද්‍ර කොට නාට්‍යය, සිනමා තිර රචනය, කෙටිකතාව හා ළමා කතාව ඔස්සේ කතාන්දරයක් ගොඩ නැගීමේ මූලික ක්‍රමවේදය හා මාධ්‍යමය හා තාක්ෂණික ස්වීයත්වය කෙරේ අවබෝධය මෙතුළින් ලබා ගත හැකිවේ. වෙසෙසින්ම අද්‍යතන ලෝකයේ සාහිත්‍ය සිතියම තුළ තම ආත්මීය, ස්වීය අනන්‍යතාව නිසි පරිදි ස්ථාන ගත කිරීම කෙරේ අවබෝධයද මෙමගින් ලබා දෙනු ඇත.
‘ නිර්මාණාත්මක ලේඛනය’ කවිවර ප්රකාශනයකි.
‘ රංග ශෛලීන් හඳුනා ගනිමු’
එමෙන්ම නාට්‍යවේදිනී නදීකා බණ්ඩාරගේ ‘ රංග ශෛලීන් හඳුනා ගනිමු’ කෘතිය කවිවර ප්රකාශනයක් ලෙස දැන් නිකුත් වී තිබේ.
ග්‍රීක, රෝම හා මධ්‍යකාලීන යුරෝපා නාට්‍ය කලාව මෙන්ම සංස්කෘත, ජපාන හා චීන නාට්‍ය කලා සම්ප්‍රදායන් පිළිබඳවද, රොමෑන්තිකවාදී, නව සම්භාව්‍යවාදී, යථාර්ථවාදී සුභාවිත නාට්‍ය රීතීන් පිළිබඳවත්, නූතනවාදී හා පශ්චාත් නූතනවාදී බටහිර රංග ශෛලීන් පිළිබඳවත් විධිමත් හැඳින්වීමක් මෙම කෘතිය ඔබ වෙත ගෙන එයි.
අපොස සාමාන්‍ය පෙළ, උසස්පෙළ මෙන්ම උපාධි හා ඩිප්ලෝමා පාඨමාලා සඳහා නාට්‍ය හා රංග කලාව හදාරන සිසු සිසුවියන්ට ගුරුවරුන්ට මෙන්ම නාට්‍යලෝලී සැමට ප්‍රයෝජනවත් වන ආකාරයෙන් මෙම කෘතිය සැකසී ඇත.