Mar 07, 2019

‘හෙලෝ කිටී’ හොලිවුඩයට යයි!

ලොව පුරා කාන්තාවන් සහ සිඟිති දැරියන් අතර අතිජනප්‍රිය සංකේතයක් වන ‘හෙලෝ කිටී’ හොලිවුඩ් රිදී තිරයට එක්වීමට නියමිත බව වාර්තා වේ.

සුදු මුහුණක් ඇති මෙම බළල් රුව සහිත සන්නාම නාමය අයත් ජපන් සමාගම වන සැන්රියෝ, හොලිවුඩ් චිත්‍රපටයක් සඳහා ‘වෝනර් බ්‍රදර්ස්’ සමාගෙමේ කොටසක් වන ‘නිව් ලයින් සිනමා’ සමග ගිවිසුමකට අත්සන් තබාඇත. මෙම චිත්‍රපටයේ නිෂ්පාදනයට අත තබා ඇති ‘නිව් ලයින් සිනමා’ සමාගමේ අතිසාර්ථක චිත්‍රපට අතර ‘ලෝඩ් ඔෆ් ද රිනිග්ස්’ හා ‘ද හොබිට්’ සිනමා එකතු ද වේ.

කෙසේවෙතත්, හෙලෝ කිටී චිත්‍රපටයේ කතාපුවත පිළිබඳව මෙතෙක් කිසිවක් හෙළිදරව් වී නොමැත.

‘හෙලෝ කිටී’ යනු හුරුබුහුටි හා සුන්දර යන තේරුම සහිත ‘කවයියි’ නම් ජපන් වචනය නිතැතින්ම පිළිඹිබු කරන්නකි. එබැවින් මෙම හුරුබුහුටි බළල් රුව වර්තමානය වන විට ජපන් ජාතිකයන් තුළ පමණක් නොව ලොවපුරා ‘කවයියි’ සංස්කෘතියක් හා උන්මාදයක් ඇති කිරීමට සමත් වී ඇත්තේ මිකී මවුස් වැනි අතිජනප්‍රිය කාටූන් චරිත හා කරට කර සිටීමෙනි.

වර්තමානයෙේදී පාසැල් දරුවන්ගේ බෑග් හා පැන්සල් පෙට්ටියේ සිට, වැඩිහිටියන්ගේ ස්වර්ණාභරණ හා ඇඳුම් විලාසිතා දක්වාම ‘හෙලෝ කිටී’ රුව නිතැතින්ම දක්නට ලැබේ.

පසුගිය වසරේදී ‘හෙලෝ කිටී’ තේමාවෙන් ජපානයේ බුලට් දුම්රියක් ද සැරසීමට කටයුතු යොදා තිබුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top