මෙම උළෙලට සමගාමීව 25 වැනි බුන්කා සම්මාන ප්රදානෝත්සවය (2019) පැවැති අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහභාගි විය.
ශ්‍රී ලංකාව සහ ජපානයේ සංස්කෘති සහ කලාවන් අතර අන්‍යොන්‍ය අවබෝධය නගා සිටුවීම ඔස්සේ දෙරට අතර මිත්‍රත්වය වර්ධනය කිරීමට දායක වන ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංස්කෘතික අරමුදල විසින් 1993 දී බුන්කා සම්මාන ස්ථාපනය කරන ලදී.
කලා ක්ෂේත්රයේ විශිෂ්ට දක්ෂතා දැක්වූ නාට්‍ය හා චිත්‍රපට අධ්යක්ෂ ආචාර්ය ඉන්දික ෆර්ඩිනෑන්ඩු මහතා, රංගන ශිල්පිනියක්, අධ්යකෂිකාවක් හා නර්ථන නිර්මාණ ශිල්පිනියක් වූ ලීලාවතී සෙල්වරාජ් මහත්මිය, දෘශ්‍ය ප්‍රයෝග සහ ග්‍රැෆික් නිර්මාණ කරුවකුවන අනුජ මදුසංඛ ද සිල්වා මහතා, උඩරට නර්තන ශිල්පිනියක් වන තජිතාන්ගනී ඩයස් මහත්මිය හා චිත්‍ර සහ දෘශ්‍ය කලාවේදියකු වන ආචාර්ය ප්‍රියන්ත උඩගෙදර මහතා මෙහිදී සම්මානයට පාත්‍ර විය.
සම්මාන ප්‍රදානෝත්සවයට අනතුරුව පැවැත්වූ ජපන් සංස්කෘතික ප්‍රදර්ශනය, සාම්ප්‍රදායික සටන් කලාව සහ ජපන් පොප් සංගීතය කොස් ප්ලේ දැක්මත්, “ස්පිරිටඩ් අවේ - සෙන් තො චිහිරො නො කමිකකුෂි” (Spirited Away-Sen to Chihiro no Kamikakushi) සජීවීකරණ චිත්‍රපටය සමග සුංයෝජනය විය.
ශ්‍රී ලංකා සහ ජපන් සංස්කෘතික අංග වල සමෘද්ධිමත්භාවය, රසාස්වාදය කිරීමට මෙම සුවදායක සැන්දෑවේදී උළෙල නැරඹීමට පැමිණි දහසකට අධික වූ රසිකයන් හට හැකිවිය.
සබැඳි පුවත්
2019 ජපන් සංස්කෘතික උළෙල, මාර්තු 02දා
https://sinhala.srilankamirror.com/art/18327-japan#sigProIddae118dcf6