Jan 14, 2017

"පොඩි ළමයා" අභාවප්‍රාප්ත වේ

ජනප්‍රිය ගායන ශිල්පී දීපාල් ද සිල්වා ‍නොහොත් " පොඩි ළමයා "  මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අද (14දා) අළුයම රාගම රෝහලේදී ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග පවසයි.

කෙටි කලක සිට පැවති රෝගී තත්තවයක් හේතුවෙන් ඒ මහතා මිය ගොස් ඇති බව වාර්තා වෙයි.

මිය යන විට ඔහුට වයස අවුරුදු 50 කි.

දේහය පිළිබඳව අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීන් පවසයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top