ශ්‍රී ලංකාවේ වාෂ්ප දුම්රිය ඉතිහාසය අලළා ඉංග්‍රීසි බසින් රචිත ‘ද වයිස්රෝයි ස්පෙෂල්’ කෘතිය සිංහල බසට පරිවර්තනය කරන ලද්දේ භාරත ප්රභාෂණ තෙන්නකෝන් මහතා විසිනි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග සහ භාරත ප්රභාෂණ තෙන්නකෝන් යන මහත්වරු මෙහිදි අදහස් දැක්වූ අතර රාවය පුවත්පතේ කර්තෘ වික්ටර් අයිවන් සහ සාහිත්‍යවේදී බුද්ධාස ගලප්පත්ති යන මහත්වරු ආරාධිත දෙසුම් පැවැත්වූහ.
ජාතික දුම්රිය කෞතුකාගාරයේ ප්රකාශනයක් ලෙස එළිදක්වන ලද මෙම කෘතියේ කතෘ අයිතිය සහ ප්‍රකාශන අයිතිය ඇතුළු සියලු අයිතීන් ජාතික දුම්රිය කෞතුකාගාරයට ලබාදෙන බවත් ‘ද වයිස්රෝයි ස්පෙෂල්’ සිංහල අනුවාදය අලෙවියෙන් ලැබෙන මුදල් ජාතික දුම්රිය කෞතුකාගාරයේ සුබසිද්ධිය උදෙසා වෙන් කරන බව ද එම කෘතියේ කතුවරයා උත්සව සභාව අමතමින් සඳහන් කළේය.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, පාර්ලිමේන්තු නිමල් සිරිපාල ද සිල්වා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරු චතුරිකා සිරිසේන මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වට එක්ව සිටියහ
සබැඳි පුවත්
'The Viceroy Special' සිංහල අනුවාදය එළිදැක්වේ