ධෛර්යය, මානව දයාව හා සහජීවනය යන කරුණු මිනිසුන්ගේ ජීවිත ආලෝකවත් කරන බව මෙම කතා මාලාව ඔස්සේ කියවේ. නාගරික දරිද්‍ර පරිසරයක ජීවත්වීමට නොහැකිව තම අක්මුල් සොයා ජිවිතයෙන් පලා යන මවක හා දියණියකගේ ජීවන අරගලය "සුදු ඇඳගෙන කළු ඇවිදින්........" හි ප්‍රධාන කතා මාලාවයි.
එහි කතා සාරාංශය මෙසේය.
මවගේ නම සුභාය. දියණිය අනෝමාය. දෙදෙනා දෙසොහොයුරන්සේය. වියළි කලාපයේ කාශ්ඨක ගමකට පැමිණි බසයකින් දෙදෙනා බසිති. දෙදෙනා අතරමං වූවන් සේය. යායුතු තැනක් නොදනිති. මවට අරමුණක් ඇතිසේය. දියණියට එ් කිසිවක් නොමැතිය. දියණිය කොළඹ ජීවිතයට අකමැති වුවද, මේ ගමට ඊට වඩා අකමැතිය. ඔවුන් සොයන්නේ එක් රාත්‍රියකට නවාතැනකි.
විල්සන් මනෝවිකාරයෙකි. ඔහුගේ පුතා පැංචා පැසැල් යන ගැටවරයෙකි. ඔහුට පාසැල අරහංය. පියා සමග ජීවත්වන ඔහුට ආදරය, කරුණාව නොමදවම ලැබී නොමැත. ඔහු අහසේ පොළොවේ හැම තැනම සෙනෙහස හා ආදරය සොයයි. සෙනෙහස වෙනුවෙන් අරගල කරයි.
අමරපාල ගමේ ඉපිද විශ්‍රාම ගිය මහාචාර්යවරයෙකි. ඔහුගේ බිරිඳ ස්වර්ණා ප්‍රකට නවකතාකාරියකි. ගමේ පාසැල ළමයි අඩුකම නිසා වැසෙන්නට ඔන්න මෙන්නය. විදුහල්පති නයනානන්ද පාසැල රැක ගන්නට මහත් වෙහෙසක් දරයි. තවත් බොහෝ දෙනෙක් ගමේ ජීවන අරගලයක යෙදෙති. එ් ජීවන අරගලය "සුදු ඇඳගෙන කළු ඇවිදින්" හි නළලේ කොටා ඇත.
රංගනය
x මිෂෙල් දිල්හාරා
x උමයංගනා වික්‍රමසිංහ
x ආනන්ද කුමාර උන්නැහේ
x ලක්ෂ්මන් මෙන්ඩිස්
x නිරෝෂන් විජේසිංහ
x චාන්දනී සෙනෙවිරත්න
x වීනා ජයකොඩි
x සරත් කොතලාවල
කැමරාකරණය: සිසිකිරණ පරණවිතාන
කලා අධ්‍යක්ෂණය: අජන්ත අලහකෝන්
ඇඳුම් නිර්මාණය: ලක්මා වීරසේකර
සංස්කරණය: ශාන් අල්විස්
සංගීතය: දිනේෂ් සුභසිංහ
රචනය හා අධ්‍යක්ෂණය: සුනිල් කොස්තා
සුනිල් කොස්තා මහතා සිරිසිරිමල්, රෝද හතරේ මනමාලයා, සිහින වසන්තයක්, සුදුයි උසයි, ෂර්ලොක්හෝම්ස්, පියස, පින්සර දොස්තර වැනි සම්මානනීය විශිෂ්ට හා ජනප්‍රිය ටෙලි නාට්‍යවල නිර්මාපකවරයාද වේ.