1980 අංක 45 දරන පනතින් සංශෝධිත, 1971 අංක 47 දරන ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා පනතේ 61(2) ඕ වන වගන්තිය යටතේ විෂයබාර අමාත්‍යවරයා වශයෙන් පැවරී ඇති බලතල අනුව මෙම තීරණය ගෙන තිබේ.
දිවංගත, ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සියවන ජන්ම දිනය යෙදී ඇති අප්‍රේල් මස 5 වන දින මෙලෙස "ජාතික කලාකරු දිනය" ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව එළඹෙන පස්වන දින නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස් කෞතුකාගාරයේ ආරම්භයද සනිටුහන් කිරීමට නියමිතව ඇත.