Apr 12, 2019

දීපිකා පදුකෝන්ට ඇසිඩ් පහරක්

බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීම නිමිතිකොට ගෙන නිර්මාණය වූ Chhappak චිත්‍රපටයේ රූගත කිරීම් වලට මේ දිනවල එකව සිටී.
 
පසුගිය වසරේ නොවැම්බර් රන්වීර් සමඟින් විවාහ දිවියට පත් දීපිකා දිගු විවේකයකින් පසු යළිත් ක්ෂේත්‍රයට පිවිසෙන්නේ දිල්ලිහිදී සිදු කෙරෙන Chhappak රූගත කිරීම් සමඟිනි.
 
එම චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර ඇය තම ඡායාරූපයක් ටිවිටර් ගිණුමට එක් කර තිබූ අතර එහි ඇගේ මුහුණ විකෘතිවී තිබුණි. 
 
2005 වසරේදී වයස අවුරුදු 15ක් වූ ලක්ෂ්මි අගර්වාල් වෙත එල්ල කෙරුණු ඇසිඩ් ප්‍රහාරය පාදක කොට ගෙන Chhapaak චිත්‍රපටය නිර්මාණය කර ඇත.
 
28 හැවිරිදි වියේ පසුවන ලක්ෂ්මි අගර්වාල් මේ වන විට ඇසිඩ් ප්‍රහාර වැළැක්වීම වෙනුවෙන් දැනුවත් කරන්නියක සහ ඇසිඩ් ප්‍රහාරවලට ලක් වූවන් වෙනුවෙන් පෙනී සිටින්නියක ලෙසින් කටයුතු කරමින් සිටී.
 
දීපිකා Chhappak චිත්‍රපටය සමඟින්  නිෂ්පාදනයට ද එක්වේ.
 
මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය, බොලිවුඩ් සිනමාවට රහස් ඔත්තුකාරියක කැඳවා ගෙන එමින් 'රාසි' චිත්‍රපටය අධ්‍යක්ෂණය කර මෙවර ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනූ මේඝ්ණා ගුල්සාර් විසිනි.
 
ලබන වසරේ ජනවාරි මාසයේදී Chhappak ලොවපුරා තිරගත කිරීමට නියමිතය.
deepika

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top