ඉදිරි මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන මෙන් 'කරෝ මත්දාන්' ලෙස නම් කර ඇති මෙම ගීය මගින්, ශාරුක්, ඉන්දීය ජාතිකයින්ගෙන් ඉල්ලා සිටියි.
මෙම ගීය නිර්මාණය කර ඇත්තේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ගේ ඉල්ලීමකට ප්‍රතිචාරයක් වශයෙනි. මාර්තු 13දා ට්විටර් පණිවිඩ කිහිපයක් නිකුත් කරමින් මගින් මෝදි මහතා ජනප්‍රිය ඉන්දීය ජාතිකයින් ගෙන් ඉල්ලා සිටියේ ඉදිරි මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රටවැසියන්ව පෙළඹවීමට නිර්මාණශීලී ලෙස කටයුතු කරන ලෙසයි.
ශාරුක් ගේ මෙම ගීතය නිකුත් වූයේ මෙම ඉල්ලීම සිදුකර සති 05ක කාලයකින් පසුවයි. සිදුවූ ප්‍රමාදයට සමාව අයැද සිටියත් අගමැතිවරයා විසින් නිර්මාණශීලීත්වය ඉල්ලා සිටි බව ඔහු සඳහන් කර සිටියි.
"ඡන්දය ප්‍රකාශ කිරීම අප අයිතියක් පමණක් නොව අපගේ බලයයි. එබැවින් එය භාවිතා කරන්න," යැයි මෙම ගීතය සමග ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ශාරුක් පවසා සිටියි.
ඉන්දීය මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශය කිරීම පසුගිය 11 දා සිට ආරම්භ වූ අතර, එය මැයි 19දක්වා පැවැත්වේ.
මෙම ගීතය හා ට්විටර් පණිවිඩය පහතින් දැක්වේ.
PM sahib @narendramodi ne creativity ki liye bola tha. Main thoda late ho gaya video banane mein...aap mat hona Vote karne mein!!! ‘Voting is not only our Right, it is our Power.’ Please Use It. Thank u to @tanishkbagchi @abbyviral @parakramsinghr . https://t.co/9280i8BnK3
— Shah Rukh Khan (@iamsrk) April 22, 2019