Apr 26, 2019

රැමි, මීළඟ බොන්ඩ් දුෂ්ටයා වෙයි!

බොහිමියන් රැප්සෝඩි චිත්‍රපටය ඔස්සේ ඔස්කා සම්මාන ලැබූ අතිදක්ෂ නළුවෙකු වන රැමී මලෙක් මීළඟ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයේ දුෂ්ට චරිතය සහා තෝරාගෙන ඇති බව වාර්තා වේ.

විසිපස්වැනි ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයේ නම තවමත් නිවේදනය කර නැති නමුත් මෙම චිත්‍රපටයේ පෙනී සිටින නළුනිළියන් හා නිර්මාණශීලී පිරිස ජැමෙයිකා හි පැවති උත්සවයකදී නිවේදනය කෙරුණි.

ලබන අප්‍රේල් මාසයේදී නිකුත් වීමට නියමිත මෙම චිත්‍රපටය, ජේම්ස් බොන්ඩ් ලෙස ඩැනියල් ක්‍රෙග් පෙනී සිටින පස්වැනි අවසන් චිත්‍රපටය බව පැවසේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top