Pasidol
Sathosa Ad Final Sinhala
Jan 20, 2017

'ලම්බාඩා' හඬ, නිහඬයි!

1980 දශකයේදී ලොව පුරා අතිශය ජනප්‍රිය වූ 'ලම්බාඩා' ගීතය ගැයූ ලුවල්ව බ්‍රාස් මියගොස් සිටියදී හමුවී ඇත.

බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝහි සැක්වරීමා ප්‍රදේශයේ පිහිටි නිවස ආසන්නයේදී මෝටර් රථයක තිබී ඇයගේ සිරුර හමුවී ඇති බව වාර්තා වේ.

එම සිරුර 63 හැවිරිදි ලුවල්ව බ්‍රාස්ගේ ම බව පොලිසිය විසින් තහවුරු කරනු ලැබුව ද මරණය සිදුවූ ආකාරය පිළිබඳ තොරතුරු හෙළිවී නැත.

1989 වසරේදී ප්‍රංශ සංගීත කණ්ඩායමක්වූ 'කයෝමා' විසින් එළිදක්වන ලද ජාත්‍යන්තරව ප්‍රකටවූ 'ලම්බාඩා' ගීතයේ ඇතුළත් පෘතුගීසි බසින් වූ ගැයුම ලුවල්ව බ්‍රාස් ගෙනි.

එවක එම ගීතයේ පිටපත් මිලියන ගණනක් ලොව පුරා අලෙවි විය.

බොලිවියානු ගීතයක් පදනම්ව, එම ගීයේ නාද රටාව හා පද නිර්මාණය වූ අතර ඊට 'ලම්බාඩා' නම යෙදුනේ උතුරු බ්‍රසීලයේ දක්නට ලැබෙන නර්තන රටාවක් ඇසුරිනි.

එම ගීයේ මුල් ගැයුම කළ 'ලොස් ක්යර්කස්' නම්වූ සංගීත කණ්ඩායමේ බොලිවියානු සොයුරන් දෙදෙනා, අනුමැතියකින් තොරව සිය ගීය පරිවර්තනයකොට ගැයීම සම්බන්ධයෙන් 'කයෝමා' සංගීත කණ්ඩායමට එරෙහිව නීතිමය පියවරගත් අතර ඔවුනට මුල්‍යමය ගෙවීමක් හිමිවූ බව පසුව වාර්තා විය.

සිත්ගන්නාසුළු රිද්මය හා ශෘංගාරාත්මක පදවැල හේතුවෙන් 'ලම්බාඩා' ගීතය වර්තමාන සංගීතඥයන්ගේ ද සිත්ගනී.

ඇමෙරිකානු පොප් ගායිකා ජෙනිෆර් ලෝපේස් 2010 වසරේදී එළිදැක්වූ ප්‍රකට 'ඕන් ද ෆ්ලෝර්' ගීතයට ද 'ලම්බාඩා' නාදමාලාව යොදාගෙන ඇත.

(බීබීසී සංදේශය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top