අන්තර්ජාලයේ ‘ග්‍රම්පි කැට්’ ලෙස හැඳින්වුනද, ඇගේ සත්‍ය නම ටාඩර් සෝස් ය.
සත්වියේ පසුවූ ටාඩර්, මුත්‍රාශයේ ආසාදනයක් හේතුවෙන් මියගොස් ඇතැයි වාර්තා වේ.
ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ ටබිතා බන්ඩසෙන් පවසන්නේ සිය සුරතලා වූ ටාඩර් ගේ රැවුම් මුහුණට හේතුව කුරුබව හා යටි ඇන්දේ දත් වඩාත් ඉදිරියට නෙරා තිබීම බවයි.
රැවුම් මුහුණකින් වුවත්, ලොවපුරා ලක්ෂ සංඛ්‍යාත ජනගහනයක මුහුණු වෙත සිනහවක් ගෙන ඒමට ටාඩර් සමත් විය.
ටාඩර් ගේ ජනප්‍රියත්වයත් සමගම ලොවපුරා රූපවාහිනී වැඩසටහන් වල ඇය තරුවක් වූ අතර, 2015දී සැන් ෆ්රැන්සිස්කෝ හි පිහිටි මැඩම් ටුසාඩ් කෞතුකාගරයේ ඇගේ ඉටි රුවක් පවා එළිදැක්වුණි.