'Asian Culture carnival' ලෙස නම් කර තිබූ මෙම උළෙල, ආසියානු ශිෂ්ටාචාර කතිකාව පිළිබඳ සමුළුවට සමගාමීව, චීන ජනපති ෂී ජින්පින් මහතා හා ජනපති ආර්යාවගේ ප්‍රධානත්වයෙන් චීනයේ බර්ඩ්ස් නෙස්ට් ඔලිම්පික් ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු, ආසියානු ශිෂ්ටාචාර කතිකාව පිළිබඳ සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයන් සහභාගී විය.
විවිධ රටවල නැටුම්, ගැයුම්, වැයුම් ඇතුළු සංස්කෘතික අංග වලින් වර්ණවත් වූ මෙම උළෙලට චීනයේ ජැකී චෑන් හා දකුණු කොරියාවේ රේන් වැනි ජාත්‍යන්තර සුපිරි තරු කිහිපයක්ම එක්විය.
ශ්‍රී ලංකාවේ සංස්කෘතික අංගයක් ද ඇතුළත්වූ මෙම උත්සවයේ අවස්ථා කිහිපයක් ඇතුළත් වීඩියෝවකි මේ.
(සටහන හා වීඩියෝ : ශානිකා ජයසේකර - බීජිං සිට)