මෙහිදී නීටා ප්‍රනාන්දු විදේශ භාෂිත සිනමා අංශයේ හොඳම නිළිය ලෙසත් කුමාර කරව්දෙනිය දක්ෂතම ඇඳුම් නිර්මාන ශිල්පියා ලෙසත් සම්මාන දිනා ගත්හ.
තවද මෙම උළෙලේ විදේශ භාෂිත සිනමා අංශයේ හොඳම තිර රචනාවට පිදෙන සම්මානයට විසාකේස චන්ද්‍රසේකරම් ගේ නම නිර්දේශ වී තිබීම ද විශේෂිතය.
නීටා ප්‍රනාන්දු මහත්මිය චිත්‍රපටයේ බබා නෝනා චරිතය නිරූපනය වෙනුවෙන් සම්මාන හිමිකර ගත්තාය.
එය එහි ප්‍රධාන චරිතයයි.
ප්‍රනාන්දු මහත්මිය මීට පෙර පවුරු වළලු චිත්‍ර පටයේ රංගනය වෙනුවෙන් අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වූවාය.