අසූව දශකයේ දී ජාතික තරුණ සේවා සභාවේ සංගීත අංශයෙන් කලා ලොවට බිහි වූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත ‘පෙම්වතුන් සිනා සේ’ ගීතයෙන් රසිකයින් අතර ජනප්‍රියත්වයට පත් විය.
ඔහු සුදු මල් පොකුරක්, විජිතයේ ආදරේ, සඳ රේණු වැහෙනා ඇතුළු ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇත.
ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ රෝහල් කටයුතු සඳහා රුපියල් ලක්ෂ 25ක් පමණ වැය කර ඇති බවයි ප්‍රින්ස්ගේ නැගණිය පවසා සිටින්නේ.
ඉඩමක් විකුණා සහ තවත් ඉඩමක් උකස් කර මෙම මුදල බව ඇය කියා සිටියාය.
තවත් රුපියල් 650000/-ක් රෝහලට ගෙවීමට නියමිතව ඇති බවද ප්‍රින්ස්ගේ නැගණිය සඳහන් කළාය.