මෙම ජයග්‍රහණයත් පාම් දෝර් සම්මානය දිනාගත් පළමු කොරියානු ජාතිකයා ලෙස බොං ජූන්-හෝ ඉතිහාසයට එක්විය.
මේ අතර, පුරා වසර 72ක කාන් ඉතිහාසයේ සම්මානයක් ලැබූ පළමු කළු ජාතික අධ්‍යක්ෂකවරිය ලෙසද ප්‍රංශ - සෙනෙගාල් සම්භවයක් ඇති මාටි ඩියොප් ඉතිහාසගතවිය. ඒ, මෙම සම්මාන උළෙලේ රජත සම්මානයට හා සමාන ග්‍රොන් ප්‍රී සම්මානය දිනාගැනීමට ඇය විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ඇට්ලැන්ටික්ස් චිත්‍රපටය වෙනුවෙනි.
දින 11ක් පුරාවට පැවති මෙම දැවැන්ත සිනමා උළෙල ඊයේ නිමාවට පත්විය.