May 31, 2019

කෝපි කඩේ සොමි නෝනා දිවි රඟමඩලෙන් සමු ගනී

රවීණ රංගන ශිල්පීනි චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය අද (31) අභාවප්‍රාප්ත වූවාය.

වේදිකා, සිනමා, ටෙලිනාට්‍ය, රූපවාහිනී සහ ගුවන් විදුලි නාට්‍ය හඬකැවීම් ශිල්පිනියක ලෙස ශ්‍රාවක ප්‍රේක්ෂක ජනාදරය දිනා සිටි ඇය මිය යන විට 83 වැනි වියේ පසුවිය.

ඇය කෝපි කඩේ ටෙලි නාට්‍යයේ මුල සිටම රංගනයට එක්වූ අතර අවසන් කාලයේත් සොමි නෝනා ලෙස එහි රංගනය අතහැරියේ නැත.

සිරිසේන විමලවීර මහතාගේ පොඩි පුතා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය සිරකරුවා, නාරිලතා, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගොළු හදවත, යුගාන්තය, සීතල වතුර, රෑනගිරව්, සුහදපැතුම, මීමැස්සෝ, ගැහැනු ළමයි, පරසතුමල්, හිතහොඳ චණ්ඩියා ඇතුළු චිත්‍රපට 150 කට චිත්‍රා මහත්මිය රංගනයෙන් දායක වී ඇත.

ගැහැණු ළමයි චිත්‍රපටය සදහා වාකිෂ්ඨ මහත්මිය කළ රංගනය වෙනුවෙන් ජනාධිපති සම්මානයෙන් ද පිදුම් ලබා ඇති අතර ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙලිනාට්‍යය වන දිමුතු මුතු ටෙලිනාට්‍යයේද ඇය රඟපෑ අතර විශාල ටෙලි නාට්‍ය ප්‍රමාණයක රංගනයට එක්ව තිබේ.‍

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top