මෙම අවස්ථාවට ආගමික නායකයින්, විශ්වවිද්‍යාල අචාර්යවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, දේශපාලඥයින් හා මාධ්‍ය ක්ෂේත්රයේ ප්රවීනයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.
එහි ප්‍රධාන දේශනය පවත්වමින් කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා පැවසුවේ සුගත් රත්නායකයන්ගේ මෙම කෘතිය ජනමාධ්‍ය ක්ෂේත්රයේ අත් පොතක් වනු ඇති බවයි. කාලයක් තිස්සේ ජනමාධ්‍ය ග්‍රන්ථකරණයේ පැවති හිඩැසක් ඔහු මෙමඟින් සම්පුර්ණ කර ඇති බව හෙතෙම සඳහන් කළේය.
“තොරතුරු විප්ලවය හා ප්රවෘත්ති”කෘතිය පාසල් පුස්තකාල සදහා නිර්දේශිත කෘතියක් ලෙස දැනටමත් අධ්‍යාපන අමාත්‍යංශය නිර්දේශ කර ඇත. මෙහි කතුවරයා දැනට චීනයේ බෙයිජිං නුවර චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ (China Radio International-CRI) සිංහල සේවයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරයි. ප්රවෘත්තිකරණය පිළිබද දශක එක හමාරකට ආසන්න කාලයක ප්‍රයෝගික අත්දැකීම් ඇති සුගත් රත්නායක මහතා වෘත්තීය ජීවිතය තුළ ලත් අත්දැකීම් හා ශාස්ත්‍රීය කරුණු ඇසුරින් මෙය සම්පාදනය කර තිබේ. විශ්ව විද්‍යාල සිසුන්, ජනමාධ්‍යවේදීන්, පාසල් සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය හදාරන සිසුන් සහ ජනමාධ්‍ය ක්ෂේත්රයට පිවිසෙන නවකයින් ඉලක්ක කර මෙම කෘතිය රචනා කර ඇත. එය පුස්තකාල සදහා නිර්දේශීත කෘතියක් ලෙස ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයෙන් ද අනුමත කර තිබේ.
මොණරාගල දඹගල්ල පියරතන මහා විද්‍යාලයෙන් මුලික හා ද්විතීක අධ්‍යාපනය ලැබු සුගත් රත්නායක මහතා කැළණිය විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබද විශේෂවේදී උපාධියත්, ජනසන්නිවේදනය පිළිබද ශාස්ත්‍රපති උපාධියත් ලබාගෙන ඇත. ඔහු දැනට ජනසන්නිවේදනය පිළිබද දර්ශනපති උපාධිය හදාරමින් සිටී. පාසල් කාලයේ සිටම ලේඛන කලාවට ඇලුම් කළ ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ “මාගේ දේශය අවදි කරනු මැන”, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ “අරුණෝදයේ දරුවෝ”, කැළණිය විශ්ව විද්‍යාලයේ “බිහිදොර අබියස” යන කලා උළෙල වලදී කෙටි කථා අංශයෙන් ජයග්‍රහණ ලබාගෙන ඇත.
සුගත් රත්නායක මහතා සිරස නිව්ස් ෆස්ට් හි විධායක ප්රවෘත්ති වාර්තාකරුවෙකු, විධායක ප්රවෘත්ති සංස්කාරකවරයෙකු, ප්රවෘත්ති නිවේදකයෙකු හා වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස වසර ගණනාවක් කටයුතු කර තිබේ. ඔහු සිරස TV ඔස්සේ සතියේ දින 5 තුළ දිනපතා උදෑසන සජීවීව විකාශය කළ ප්රවෘත්ති විමර්ශනාත්මකව විග්රහ කෙරෙන “SIRASA PRESS RELEASE” වැඩසටහන වසර කිහිපයක් අඛණ්ඩව මෙහෙයවා ඇත. එසේම වසර ගණනාවක් විදේශ ප්රවෘත්ති සංස්කාරකවරයෙකු ලෙස කටයුතු කර ඇති සුගත් රත්නායක මහතා ජාත්‍යන්තර ප්රවෘත්ති පිළිබඳ හසල දැනුමක් ඇති විශ්ලේෂකයෙකි.
සිරස නිව්ස් ෆස්ට් හා සම්බන්ධ වීමට පෙර ඔහු දිනමිණ පුවත්පතේ වසර 4 ක කාලයක් නිදහස් ලේඛකයෙකු ලෙස සේවය කර තිබේ. එම කාලය තුළ දේශපාලන, ආර්ථික, සාමාජීය, අධ්‍යාපන, සංස්කෘතික, කලාව හා නීතිය යනාදි විවිධ ක්ෂේත්‍ර ආවරණය කෙරෙන ලිපි ඔහු සම්පාදනය කර ඇත. එසේම සුගත් රත්නායක මහතා චීන ජාත්‍යන්තර ගුවන් විදුලිය හා ශ්‍රී ලංකා රතු කුරුස සමාජය එක්ව ප්‍රකාශයට පත් කරන “සුභාසර“ත්‍රෛමාසික සඟරාවේ කර්තෘවරයෙකි.
ජනමාධ්‍ය හා සන්නිවේදන ක්ෂේත්රයට කළ සේවය අගය කරමින් ඔහු 2018 වසරේදී දඹගල්ල පියරතන මහා විද්‍යාලය සහ එහි ආදි ශිෂ්‍ය සංගමය පිරිනමන “පියරතනේ විශිෂ්ඨයෝ“ ගෞරව සම්මානයෙන් ද පිදුම් ලැබීය. සිය මාධ්‍ය ජීවිතය තුළ ප්‍රායෝගිකව ජාත්‍යන්තර අත්දැකීම් රැසක් ලබා ඇති ඔහු ජාත්‍යන්තර සමුළු රැසක ප්රවෘත්ති ආවරණ කටයුතුවලට සහභාගී වී ඇත.