Jun 06, 2019

තෝර් ගෙන් හොලිවුඩයට විරාමයක්

ඇවෙන්ජර්ස් තරුවක් වන තෝර් ගේ චරිතයට පණපොවන ක්‍රිස් හෙම්ස්වර්ත් වසරක පමණ කාලයක් පුරාවට හොලිවුඩ් පුරයෙන් විරාමක් ගන්නා බව පවසා ඇත.

ඒ, සිය බිරිඳ වන එල්සා පැටැකි හා ඔවුන්ගේ දරුවන් තිදෙනා වන ඉන්ඩියා, සාෂා හා ට්‍රිස්ටන් සමග සිය නිවසේ වැඩි කාලයක් ගත කිරීමේ අරමුණෙනි. ක්‍රිස් සිය පවුල සමග පදිංචි ව සිටින්නේ ඕස්ට්‍රේලියාවේ ය.

ඕස්ට්‍රේලියාවේ ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත වෙත අදහස් දක්වමින් ක්‍රිස් මේ බව පවසා තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top