Jun 13, 2019

Frozen II කුතුහලය වැඩිවෙයි (වීඩියෝ)

වසර 2013 දී බොක්ස් ඔෆිස් වාර්තා රැසක් තැබීමට සමත් වූ ඩිස්නි සජීවීකරණ චිත්‍රපටයක් වන Frozen හි දෙවැනි කොටසේ දෙවැනි පූර්ව ප්‍රචාරණ පටය පසුගිය 11 දා එළිදැක්වුණි.

ඇමෙරිකාවේ ‘ගුඩ් මෝනින් ඇමෙරිකා’ රූපවාහිනී වැඩසටහන අතරතුරදී විකාශය කෙරුණු Frozen II හි දෙවැනි පූර්ව ප්‍රචාරණ පටයේ යූටියුබ් වීඩියෝව මේ වන විටත් මිලියන 12කටත් අධික වරක් නරඹා ඇත.

ක්‍රිස් බක් හා ජෙනිෆර් ලී ගේ අධ්‍යක්ෂණයක් වන Frozen II, නොවැම්බර් 22දා ලොවපුරා සිනමාහල් වල එළිදැක්වීමට නියමිතය.

එල්සා හා ආනාගේ අතීතය පිළිබඳ සත්‍යය සොයායාමේ ගමනක් පිළිබඳව හෝඩුවාවක් ලබාදෙන මෙම පූර්ව ප්‍රචාරණ පටය පහත දැක්වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top