ලකී ඩයස් වඩාත් ප්‍රකට ඔහුගේ රැවුල නිසා බව පැවසෙන අතර ඔහු රඟ පෑ ජනප්‍රිය චරිතයක් වන බලදේවගේ චරිතය රඟන කාලේ ඇතැම් ප්‍රදේශයන්හි සැලුන් දොරවල " ලකී කට් කපනු ලැබේ” යනුවෙන් බෝඩ් තිබූ බවද පැවසේ.
ලකී පසුකාලීනව මුහුණෙහි පෙදෙසක රැවුල කැපුවත් සම්පූර්ණයෙන්ම රැවුල කපා දැමීම සිදු කර නොතිබිණි.
එය ඔහුගේ අනන්‍ය වූ ලක්ෂණයක් බැවින් එසේ කළ බව පැවසෙන අතර කෙසේවුවද ලකී පසුගියදා උඩු රැවුල පමණක් ඉතුරුවන්නට සම්පූර්ණ රැවුල කපා පොලිස් ඇදුමකට බැස ඇතැයි වාර්තා වේ.
බෙනට් රත්නායක මහතාගේ අලුත්ම චිත්‍රපටියේ රඟ පෑමට ලකී රැවුල් කට් එක මෙසේ වෙනස් කර ඇති අතර එහි ඔහු DIG කෙනෙකුට රඟන බවද පැවසේ.