Jan 23, 2017

ලංකාගේ "Tradition" ඡාත්‍යන්තරයට යයි

ලොව පුරා ස්වාධීන කෙටි චිත්‍රපට නිර්මාණකරුවන්ගේ චිත්‍රපට ඇගයුමට ලක්කෙරෙන  චිත්‍රපට උළෙලක් වන “Euro Kino" Czech International Independent Film Festival 2017 සඳහා මේරට කෙටි චිත්‍රපට අධ්‍යකවරියකවන ලංකා බණ්ඩාරනායගේ "Tradition" නම් කෙටි චිත්‍රපටය සුදුසුකම්  ලබා ඇතැයි  වාර්තා වේ.

Lankaලංකා බණ්ඩාරනායක මෙරට වේදිකා නාට්‍ය බොහොමයකට දායක වී ඇති සම්මානනීය රංගන ශිල්පිනියක් වන අතර ඇයගේ නව ප්‍රවේයක් ලෙස කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ  "Tradition" නම් කෙටි චිත්‍රපටය තුළිනි.

‘සාම්ප්‍රදායික මංගල ඇඳුමකින් සැරසෙන තරුණියක්ව මහලු ගැහැණියක් විසින් ඒ සඳහා සූදානම් කරවන්නේ, මංගල ආභරණ පැළඳවීමේ අර්ථයද එකින් එක පැහැදිලි කරමින්ය. ඒවායේ අර්ථයන් හරහා තරුණිය තම පැරණි පෙම්වතුන් සමඟ තිබූ සම්නන්ධතාවයන් වල ස්වාභාවය, ඒවා ඇගේ ජීවිතයට කල බලපෑම් සිහිකරයි. අවසානයේ ඇය සැබෑ ලෙසම යා යුතුව ඇත්තේ ඇගේ මංගල ගමන නොවේ...'

ලංකා වේ ගැහැණිය පිරිමින් සමඟ ඇතිවන සබඳතා වලදී ගැහැණියට මුහුණ දීමට සිදුවන විසංවාදය  ‘Tradition’ මෙම කෙටි චිත්‍රපටය  තුළ නිරූපිතය.’

මීට පෙරද  ‘Tradition’ කෙටි චිත්‍රපටය Agenda 14 /Jaffna International Cinema Festival යන සිනමා උළෙලවල් ද නියෝජනය කළ අතර National Youth cinematic Harvest 2016 - කෙටි චිත්‍රපට උළෙලේදී  දෙවන හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය.

(mirrorarts)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top