මේ වන විට වාර්තා වන්නේ සල්මාන් මෙසේ නිතරම ව්‍යායාම් වල නිරත වන්නේ ඉදිරියේ දී එළිදැක්වීමට නියමිත ‘Dabangg 3' චිත්‍රපටය සඳහා බවයි.
චුල්බුල් පාණේඩේ නම් පොලිස් නිලධාරියාගේ චරිතයට යළිත් පණපොවන සල්මාන්, මේ වන විට එම චිත්‍රපටයේ රූගතකිරීම් වල තුන්වැනි අදියර සඳහා සූදානම් වෙමින් සිටින බව පැවසේ.
මෙම අදියරේදී ඔහු වඩාත් තරුණ, හා පොලිස් නිලධාරියෙකු ලෙස පත්වීමට පෙර සිටි චුල්බුල් පාණේඩේ ලෙස පෙනී සිටීමට නියමිත බවත්, වඩාත් තරුණ සිරුරක් සඳහා කිලෝ 07කින් පමණ සිය ශරීරයේ බර අඩුකරගැනීමට සල්මාන් මෙලෙස ව්‍යායාම් සිදුකරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.