පසුගියදා බ්‍රිතාන්‍යයේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුරදී සිය රසිකරසිකාවියන් හමුවේ සිය සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව හෙළිදරව් කර ඇත. සිය සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කටකතා පැතිර යාම වැළැක්වීමට තමාට අවශ්‍ය වූ බව ස්ටීවි වොන්ඩර් මෙහිදී පවසා ඇත.
තමාට සුදුසු වකුගඩුවක් ලබාදීමට එකඟ දානපතියෙකු හමුවූ බවත්, සැප්තැම්බරයේදී පැවැත්වීමට නියමිත ශල්‍යකර්මයට පෙර තවත් සංගීත ප්‍රසංග තුනක් පැවැත්වීමට නියමිත බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කළේ රසික රසිකාවියන් ගේ සතුට මධ්‍යයේය.