චීන සම්බභවයකින් යුතු ඇමෙරිකානු ජාතික ලියු යිෆේයි විසින් මූලාන් ගේ චරිතයට පණපොවන අතර, මෙම පූර්ව ප්රචාරක පටය, මූලාන් චිත්රපටය සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ උද්යෝගය වැඩිකිරීමට සමත් විය.
කෙසේවෙතත්, මූලාන් සජීවිකරණ චිත්රපටයේ මූලාන් සමගම සිටින ඇගේ චීන මකරා වන මුෂූ මෙම පූර්ව ප්රචාරක පටයේ නොසිටීම, බොහෝ රසිකරසිකාවියන් හට ගැටළුවක් විය. තවත් බොහෝ දෙනා පෙන්වා දුන්නේ සජීවිකරණ චිත්රපටයේ ඇති ගීතමය ජවනිකා මෙම චිත්රපටයට ඇතුළත් වන හැඩක් ද නැති බවයි.
මූලාන් චිත්රපටය වසර 2020දී එළිදැක්වීමට නියමත අතර, එහි පූර්ව ප්රචාරක පටය පහත දැක්වේ.