වයස අවුරුදු 66ක් වයසැති ඔහු,අග්න්යාශ පිළිකාවකින් දීර්ඝ කාලයක් පුරාවට පීඩා වින්දේය.
"සුදු සුලූ" (White Zulu) ලෙස හැඳින්වෙන ඔහු 1994 වන තෙක් පාලනය කළ වර්ණභේදවාදී ආණ්ඩුවේ දැඩි විවේචකයෙක් විය. වසර 1987 දී එළිදුටු ඔහුගේ වඩාත්ම ජනප්රියම ගීතය වන Asimbonanga නම් ගීතය, එකල සිරගතව සිටි නෙල්සන් මැන්ඩෙලා මුදාහරින මෙන් ඉල්ලූ නිර්මාණයකි. සුලූ (Zulu) භාෂාවෙන් "අපි ඔහුව දැක නැත" යන්නෙහි තේරුම ඇති Asimbonanga මැන්ඩෙලාගේ නිදහස් කිරීම සඳහා විවෘතව කැඳවූ පළමු ගීතයයි.
සුලූ භාෂාවෙන් කතා කිරීමට හා ගායනා කිරීමට ඉගෙන ගත් සුදු ජාතිකයෙක් වන ක්ලෙග්, ප්රජාතන්ත්රවාදී දකුණු අප්රිකාවේ සංකේතයක් වූ අතර 2013 දී නෙල්සන් මැන්ඩෙලාගේ අනුස්මරණ දේව මෙහෙයට සහභාගී වීමට තෝරා ගැණුන කලාකරුවෙක්ද වේ.