ඒ ඔහු විසින් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ ප්‍රකාශයක් විකෘති කර සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමට කටයුතු කිරීම නිසාය.
මේවන විට ඉරාජ්ට එරෙහිව ඒ සම්බන්ධයෙන් රාමනායක මහතා විසින් මිරිහාන පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබේ.
තවත් ICCPR නඩුවක්ද?
2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත හෙවත් ICCPR පනතේ ඇති කාරණා ඉරාජ් විසින් කඩකර ඇත්දැයි සලකා බලන ලෙස රාමනායක මහතා සිය පැමිණිල්ලෙන් ඉල්ලා ඇති බවද මේ අතර වාර්තා වේ.
කෙසේවුවද, අදාළ පනත සම්බන්ධයෙන් මේවන විට බරපතල චෝදනා එල්ලවන අතර ආසියානු මානව හිමිකම් කේන්ද්‍රය පෙන්වාදෙන්නේ එහි ඇති ප්‍රධාන දුර්වලතාවය වන්නේ එමගින් අපරාධයක් බවට ප්‍රකාශයට පත් කරන්නේ එහි 3 වැනි වගන්තිය යටතේ ඇති කරුණු පමණක් වීම බවයි.
අනෙක් වගන්ති යටතේ වැටෙන කරුණු මූලික අයිතිවාසිකම්වලට සම්බන්ධ හෙයින් වගඋත්තරකරුවකුට එරෙහිව අපරාධ නඩුවක් පවරන්නට ඉන් හැකියාවක් නොවන බවද ඔවුන් පෙන්වා දෙයි.
සංඝයාගෙන් සමාව ගන්නේ නෑ රන්ජන්ගේ දැඩි මතය
කෙසේවුවද, අදාළ ප්‍රකාශය හේතුවෙන් රාමනායක මහතාට සංඝරත්නයට අපහාස කළට බවට සංඝයාවහන්සේලාගෙන් දැඩි දෝෂාරෝපනයක් එල්ලව තිබිණි.
එම ප්‍රකාශයට අමාත්‍යවරයා සංඝරත්නයෙන් සමාව ගතයුතු බවටද ඔහුට බලපෑම් එල්ලවිය.
තමා සිදුකළ ප්‍රකාශයෙන් මහා සංඝරත්නයට අපහාසයක් සිදු නොකළ බැවින් ඒ පිළිබඳව මහා සංඝරත්නයෙන් සමාය අයැදීමේ අවශ්‍යතාවයක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා තරයේම පවසා සිටියේය.
ඔහු කියා සිටියේ තමන් ප්‍රකාශ කළේ අතළොස්සක් භික්ෂූන්ගේ ගැටලුවක් පිළිබඳව මිස සමස්ත මහා සංඝරත්නයේ ගැටලුවක් පිළිබඳව නොවන බවද ඔහු එහිදී කීය.
රන්ජන් රාමනායක මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් එජාප නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස ඇමතිවරයාට දන්වා තිබූ අතර ඔහු ඒ අනුව ඉකුත් 17 වැනිදා අගමැතිවරයා හමුව මේ බව පැහැදිළිකර තිබිණි.