ඇමෙරිකාව තුළ මෙම චිත්‍රපටය එළදැක්වීම අද (19) දිනයේදී සිදුවේ.
කෙසේවෙතත්, “ද ලයන් කිං” චිත්‍රපටය මේ වන විටත් ගෝලීය වශයෙන් ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමෙන් ඩොලර් මිලියන 100 ක ආදායම් සීමාව පසුකරමින් සිටින බව වාර්තා වේ.
අතිශය යථාර්ථවාදී සජීවිකරණ ප්‍රතිනිර්මාණයක් ලෙස සැලකෙන “ද ලයන් කිං” මේ වන විට ඩොලර් මිලියන 94.5 ක් උපයා ඇත.
“ද ලයන් කිං” ප්‍රංශයේ ඩොලර් මිලියන 4.8 ක් ද ඕස්ට්‍රේලියාවේ ඩොලර් මිලියන 2.9 ක් ද ජර්මනියේ ඩොලර් මිලියන 2.3 ක් ද, කොරියාවේ ඩොලර් මිලියන 2.2 ක් ද බදාදා දින එළිදැක්වුණි.
මෙම චිත්‍රපටය අද දිනයේදී ඩොලර් මිලියන 180කට වැඩි ආදායම් වාර්තා තබමින් ඇමෙරිකාවේදී ආරම්භ වනු ඇති බවට අපේක්ෂා කෙරේ.
ජෝන් ෆාව්රෝ විසින් අධ්‍යක්ෂණය කරන ලද “ද ලයන් කිං” හි සිම්බා ලෙස ඩොනල්ඩ් ග්ලෝවර් ද, නාලා ලෙස බියොන්සේ ද, ස්කාර් ලෙස චිවෙටෙල් එජියෝෆෝර් ද, ටිමොන් සහ පුම්බා ලෙස බිලී අයිච්නර් සහ සෙත් රොගන් ද, මුෆාසා ලෙස ජේම්ස් අර්ල් ජෝන්ස් හඬකැවීම් වලින් එක්වෙයි.