Jul 22, 2019

කුසුම් පීරිස් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක සහ ජනප්‍රිය ගීත රචිකාවියක වූ කුසුම් පීරිස් මහත්මිය අභාවප්‍රාප්තවී තිබේ.

ඒ, රාගම පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි. මියයන විට ඇය 71 වැනි වියේ පසුවූවාය.

ඇය ජනප්‍රිය හඬ කැවීම් ශිල්පිනියක ද වේ.

කුසුම් පීරිස් මහත්මියගේ දේහය පිළිබඳව අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම් දීමට නියමිතයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top