ඒ, මේඝනා ගුල්සාර්ගේ ‘චපාක්’ චිත්රපටයයි.
මෙහිදී ඇය පණපොවන්නේ, ඇසිඩ් ප්රහාරයකට ලක්වුවත් ජීවිත ජයගත් දිරිය කාන්තාවක් වන ලක්ෂ්මි අගර්වාල් ගේ චරිතයටයි.
ඇසිඩ් ප්රහාරයකට ලක්වූවෙකු ලෙස දීපිකා ගේ පෙනුම එළිදැක්වීමෙන් අනතුරුව එය බොහෝදෙනාගේ විමතියටත් කතාබහටත් ලක්විය.
පසුගියදා වෝග් ඉන්ඩියා සඟරාව වෙත අදහස් දක්වමින් දීපිකා පවසා ඇත්තේ මෙම චරිතය, මෙතුවකට ඇය රඟපෑ අසීරුතම චරිතය බවයි.
ලක්ෂ්මී හට මෙන්ම සිය චරිතයට සාධාරණයක් ඉෂ්ට කිරීම සඳහා ඇයට ඉතා මහන්සි වීමට සිදුවූ බව දීපිකා වැඩිදුරටත් පවසා ඇත.
‘චපාක්’ චිත්රපටය ලබන වසරේ ජනවාරි 10දා එළිදැක්වීමට නියමිතය.
මීට අමතරව, දීපිකා සිය සැමියා වන රන්වීර් සිං සමඟ කබීර් ඛාන්ගේ 83 වන චිත්රපටයේ ද රඟදැක්වනු ඇත.