ඇවෙන්ජර්ස්: එන්ඩ් ගේම් සහ ටොයි ස්ටෝරි 4 වැනි අතිසාර්ථක චිත්‍රපට කිහිපයක් වෝල්ට් ඩිස්නි සමාගම විසින් පසුගිය කාලයේදී එළිදක්වනු ලැබුණි.
කෙසේවෙතත්, පසුගිය කාර්තුවේ ආදායම් සංඛ්‍යාලේඛන ඩිස්නි සමාගම විසින් පසුගියදා හෙළිදරව් කළ අතර, එම කාලය තුළදී එම සමාගමේ ආදායම 33% කින් ඩොලර් බිලියන 20.2 ක් දක්වා ඉහළ ගොස් තිබියදීත්, එහි ලාභය 51% කින් ඩොලර් බිලියන 1.4 ක් දක්වා පහත වැටී තිබුණු බව එම සංඛ්‍යාලේඛන වලින් හෙළිදරව් විය.
මෙම පුවත සමග ඩිස්නි සමාගමේ කොටස් වල වටිනාකම 5%කින් පහත වැටී තිබුණි.
සමාගම විසින් මෙම කාලයේදී දැවැන්ත ආදායම් ලැබුවද, මෙම කාල වකවානුව තුළ එහි වියදම් ද ඉහළ ගොස් තිබීම මෙයට හේතුවී ඇතැයි පැවසේ.
පසුගිය මාර්තු මාසයේදී ඩිස්නි විසින් 'ට්වෙන්ටි ෆස්ට් සෙන්චරි ෆොක්ස්' හි රූපවාහිනී සහ චිත්‍රපට වත්කම් ඩොලර් බිලියන 71 කට මිලදී ගන්නා ලදී.
ඩිස්නි සභාපති හා ප්‍රධාන විධායක රොබට් ඉගර් පවසා ඇත්තේ 'ට්වෙන්ටි ෆස්ට් සෙන්චරි ෆොක්ස්' සාර්ථක ලෙස ඒකාබද්ධ කිරීමට ගත් උත්සහයන් තුන්වන කාර්තුවේ ප්‍රතිඵල මගින් පිළිබිඹු වන බවයි.