ප්‍රවීණ සන්තූර් වාදන ශිල්පීන් වන පණ්ඩිත් ශිව් කුමාර් ශර්මා සහ පණ්ඩිත් රාහුල් ශර්මා සහභාගී වන මෙම ප්‍රසංගය අගෝස්තු 15 වන දින ප.ව. 6.45 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ.
අඩ සියවසකටත් වැඩි සිය සංගීතමය අත්දැකීම් ඔස්සේ ඔප් නංවා ගත් නිර්මණාත්මක කුසලතාවයන් සමගින් ප්‍රවීණ සන්තූර් වාදන ශිල්පී පණ්ඩිත් ශිව් කුමාර් ශර්මා නවමු වාද්යමය සංගීත කලාවක් නිර්මාණය කර තිබේ (සන්තූර් යනු කාශ්මීර නිම්නයෙන්
බිහි වූ තත් සියයකින් සමන්විත සංගීත භාණ්ඩයකි). ඔහු ඉන්දියානු රජය විසින් සිවිල් වැසියෙකුට පිරිනමන ඉහළම සම්මානය වන පද්ම විභූෂණ සම්මානය ඇතුළු ජාතික සහ ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. සිසිලා, චාන්ද්නි, ලම්හේ හා ඩාර්
ආදී ආදායම් වාර්තා පිහිටවූ බොලිවුඩ් චිත්‍රපට සදහා ඔහු කළ සංගීත නිර්මාණ ලොව පුරා ජනාදරයට පත් ව තිබේ. සිය පියාගෙන් සංගීතය පිළිබ ද හැදෑරූ පණ්ඩිත් රාහුල් ශර්මා ඉන්දියානු සම්භාව්‍ය සහ නව්‍ය සංගීතය තුළ තමන්ටම ආවේණික පෞර්ෂයක් ගොඩනගා ගැනීමට සමත්ව තිබේ. වසර 20කට වැඩි සිය සංගීතමය දිවිය තුළ ඇල්බම් 60කට වැඩි ප්‍රමාණයක් එළිදක්වා ඇති ඔහු සම්භාව්‍ය සංගීතය, ජන සංගීතය, නව ආරේ සංගීතය සහ සම්මිශ්රිත සංගීතය ආදි විවිධ අංශයන්හි නව අත්හදා බැලීම් සිදු කර ඇත. ඔහු ප්‍රවීණ රංගධර අමිතාබ් බච්චන්ගේද හඩ ඇතුළත්ව ලෝ ප්‍රකට සැක්සෆෝන වාදන ශිල්පී G. කෙනී සමගින් එක්ව එළිදැක්වූ “නමස්තේ ඉන්දියා” ඇල්බමය ඉන්දියාවේ අති සාර්ථක අලෙවියක් සහිත ඇල්බමයක් විය. මෙම ප්‍රවීණ සංගීත ශිල්පීන් දෙපළට අමතරව බර්කා රාහුල් ශර්මා (තන්පුරා), යෝගේෂ් සම්සි (තබ්ලා), භවානි ශන්කර් (පඛවාජ්) සහ ටකහිරෝ අරායි (තන්පුරා) යන දක්ෂ වාදන ශිල්පීන්ද මෙම ප්‍රසංගයට සහභාගී වේ.
මෙම ප්‍රසංගය ශ්‍රී ලංකා රජයේ නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ITC හෝටල් සමූහය, ටාජ් සමුද්‍රා හෝටලය සහ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව හා එක්ව සංවිධානය කර තිබේ.
මෙම ප්‍රසංගය සඳහා ආරාධනා පත්‍ර සහිතව නොමිලේ සහභාගී විය හැකි අතර ප්‍රවේශපත්‍ර සීමිත ප්‍රමාණයක් ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයෙන් (ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය) අගෝස්තු 5 වන දින සිට ලබා ගත හැකිය. වැඩි විස්තර දුරකථන අංක 2684698 ඔස්සේ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය ඇමතීමෙන් හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන ඊ-මේල් ලිපිනය වෙත ඊ-මේල් පණිවිඩයක් යොමු කිරීමෙන් ලබා ගත හැකිය.