Aug 12, 2019

මයිලි - ලියම් විවාහය දෙදරයි

 

සුප්‍රකට හොලිවුඩ් තරු දෙපළක් වන මයලි සයිරස් සහ ලියම් හෙම්ස්වර්ත් විවාහ වී වසරකටත් අඩු කාලයකින් දික්කසාද වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

සීබීඑස් වෙත ප්‍රකාශයක් ලබා දී ඇති මයිලිගේ නියෝජිතයෙකු පවසා ඇත්තේ මොවුන් දෙදෙනා වෙන්වීමට එකඟවී ඇති වී ඇති බවයි.

මොවුන් දෙදෙනා මුල්වරට හමුවූයේ නිකලස් ස්පාර්ක්ස්ගේ The Last Song කෘතිය ඔස්සේ 2010 දී තැණුනු චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරේදීය.

ඔවුන් 2013 දී සිය පෙම් සබඳතාවය නවතා දැමූ නමුත්, ඔවුන් 2015දී යළිත් එක්වී පසුගිය වසරේදී විවාහ විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top