Aug 16, 2019

කලින් නෑසුනු ජෝර්ජ් මයිකල් ගීයක් නොවැම්බරයේදී

දිවංගත සුප්‍රකට ගායන ශිල්පියෙකු වන ජෝර්ජ් මයිකල්ගේ මිනිත්තු හයක ගීතයක් නොවැම්බර් මාසයේදී ඔහුගේ රසිකරසිකාවියන් හට රසවිඳීමට හැකිවනු ඇත.

ඒ, ජෝර්ජ් මයිකල්ගේ සංගීතය මත පදනම් වූ නව චිත්‍රපටයක ඇතුළත් ගීතයක් ලෙසයි.

'ලාස්ට් ක්‍රිස්මස්' ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටයට, ගේම් ඔෆ් ත්‍රෝන්ස් රූපවාහිනි මාලාවෙහි ඩනේරිස් ටාගේරියන්ගේ චරිතයට පණපෙවූ එමිලියා ක්ලාක් මෙන්ම 'ක්‍රේසි රිච් ඒෂියන්ස්' චිත්‍රපටයේ රඟපෑ හෙන්රි ගෝල්ඩින් හා මිෂෙල් ඉයොහ් රංගනයෙන් එක්වේ.

මේ වසරේ නොවැම්බරයේදී එළිදැක්වීමට නියමිත මෙම චිත්‍රපටයේ පළමු පූර්ව ප්‍රචාරක පටය පෙරේදා දින අන්තර්ජාලයට එක්විය.

මේ පිළිබඳව 'ලාස්ට් ක්‍රිස්මස්' හි අධ්‍යක්ෂක - පෝල් ෆෙග් බීබීසී ප්‍රවෘත්ති සේවයට පවසා තිබුණේ වසර 2016දී ජෝර්ජ් මයිකල් මිය යන විට නව ගීත ඇල්බමයක් සකස් කරමින් සිටි බවයි. මෙම ඇල්බමයේ ගීතයක් චිත්‍රපටයට එක්කරගත් බවත් එය විනාඩි
6ක් පමණ දිග බවත් ඔහු සඳහන් කරයි.

මෙම ගීතයේ තත්පර 15ක් වැනි කුඩා කොටසක් එක්කර ගැනීමට අකමැති බැවින් මුලු ගීතයම චිත්‍රපටය අවසානයට එක්කර ඇතිබව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

"එය ඇත්තෙන්ම පුදුම සහගත ගීතයක්... එය ලෝකයට ඇසීමට හැකිවීම ගැන ඉතා සතුටුයි," යැයි ඔහු පවසයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top