Aug 20, 2019

'ද රොක්' ට මංගල සීනු (ඡායා)

හොලිවුඩයේ දැවැන්ත තරුවක් වන ඩ්වේන් ජොන්සන් හෙවත් 'ද රොක්' සිය දිර්ඝකාලීන පෙම්වතිය වන ලෝරන් හෂියන් සමඟ විවාහ වී තිබේ.

පසුගිය ඉරිදා හවායි හි දී පැවති රහසිගත විවාහ උත්සවයකදී මොවුන් දෙදෙනා විවාහ වී ඇත.

47 හැවිරිදි ජොන්සන් මේ පිළිබඳව සිය රසිකරසිකාවියන් වෙත දැනුම් දී තිබුණේ ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි සටහනක් තබමිනි. මොවුන් ගේ විවාහ මංගල්‍යයේ ඡායාරූප ඇතුලත් මෙම සටහනට පැය තුනක් ඇතළදී ලයික්ස් මිලියන 07කට වඩා ලැබී
තිබුණි.

ද රොක් හා ලෝරන් වසර 2006 සිට පෙමින් වෙළී සිටි අතර, ඔවුන් හමුවූයේ ගේම් ප්ලෑන් චිත්‍රපටය රූගත කරමින් සිටියදීය. මේ වන විට ඔවුන්ට ජැස්මින් හා ටියානා නම් දරුවන් දෙදෙනෙකු සිටියි.

Rock1 670px 19 08 19

Rock2 670px 19 08 19

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top