ගෝල්ඩන්අයි ඇතුළු ජේම්ස් බොන්ඩ් චිත්රපට 4කට ප්රධාන නළුවා ලෙස රඟපෑ බ්රොස්නන් පවසා තිබුණේ කාන්තා 007 චරිතයක් දැකීම නැවුම්, ප්රීතිදායක හා ප්රබෝධජනක අත්දැකීමක් වනු ඇති බවයි.
"මෙම චරිතයට පිරිමි විසින් පණපොවණ අයුරු පසුගිය හතලිස් වසර පුරාවටම අප දැක තිබෙනවා... දැන් එතැනට කාන්තාවක් දැමිය යුතුයි," යැයි ඔහු සඳහන් කරයි.
කෙසේවෙතත්,මෙම චරිතයේ ස්ත්රී පුරුෂ බව වෙනස් කිරීමට ජේම්ස් බොන්ඩ් නිෂ්පාදක බාබරා බ්රොකෝලි එකඟ නොවෙනු ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.
මීළඟ ජේම්ස් බොන්ඩ් චිත්රපටය ජැමෙයිකාවේ මෙන්ම ලන්ඩනය අසල පයින්වුඩ් චිත්රාගාරයේද රූගත කර ඇති අතර, සුප්රකට හොලිවුඩ් නළුවෙකු වන ඩැනියෙල් ක්රේග් පස්වැනි වරටත් මෙහි ප්රධාන නළුවා ලෙස එක්වනු ඇත.