Oct 04, 2019

ඓයිශ්, Maleficent වෙයි! (වීඩියෝ)

ලොව සුරූපීම කාන්තාවක් මෙන්ම දක්ෂ නිළියක් ලෙස හැඳින්වෙන ඓයිෂ්වර්යා රායි භච්චන් පසුගියදා යළිත් කතාබහට ලක්විය.

ඒ, ඇගේ නවතම වීඩියෝවක් අන්තර්ජාලයට එක්වීමත් සමගයි.

ඩිස්නි සමාගම විසින් එළිදක්වන Maleficent: Mistress Of Evil චිත්‍රපටයේ හින්දි අනුවාදයේ හඬකැවීම් සඳහා ඓයිෂ්වර්යා එක්වූ අතර, මෙහිදී ඇය හඬකවන්නේ ඇන්ජලිනා ජෝලී විසින් රඟදක්වන මැලෙෆිසන්ට් ගේ චරිතයටයි.

මෙම හඬකැවූ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරණ පටයක් පෙරේදා දින අන්තර්ජාලයට එක්වූ අතර, එම වීඩියෝවේ මැලෙෆිසන්ට් ගේ පෙනුමට බෙහෙවින් සමාන ලෙස සැරසුනු ඓයිෂ්වර්යා ද ඇතුළත් වීම විශේෂත්වයකි.

මෙම වීඩියෝව අයිශ්වර්යා විසින් සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එක්කර තිබුණේ, "ඩිස්නි පවුලේ සාමාජිකයෙකු වීමට ලැබීම සතුටක්," බව සටහනක් ද තබමිනි.

මෙම වීඩියෝව කෙතරම් ජනප්‍රිය වූවාදැයි පැවසුවහොත් පැයක් වැනි කෙටි කාලයක් තුළ එයට ලයික්ස් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ලැබී තිබුණු බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

මෙම පූර්ව ප්‍රචාරණ පටය පහත දැක්වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top