Oct 09, 2019

ඔස්කා තරගයට චීනයෙන් 'නර් ජා'

වසර 2020 ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම අන්තර්ජාතික චිත්‍රපට සම්මානය වෙනුවෙන් චීනය විසින් 'නර් ජා' චිත්‍රපටය ඉදිරිපත් කර තිබේ.
අධ්‍යක්ෂක යැං යූ ගේ නිර්මාණයක් වන 'නර් ජා' ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටය, මේ වන විටත් චීනය තුළ මෙන්ම රටවල් ගණනාවක් තුළ අතිජනප්‍රියත්වයට පත් ව තිබේ. මේ වන විට ඩොලර් මිලියක 700ක ආදායමක් උපයා ඇති මේ චිත්‍රපටය, චීනය තුළ ඉතිහාසය පුරාවට ඉහළම ආදායමක් ලබාගත් චිත්‍රපට අතරින් දෙවැනි ස්ථානයේ රැඳී සිටියි.

සම්භාව්‍ය චීන මිථ්‍යා කථාවක් ඇසුරෙන් නිර්මාණය වූ නර් ජා, දේව සාපයක් ලැබුවද, සිය දෛවය ජයගෙන වීරයෙකු වීමට තීරණය කළ පිරිමි දරුවෙකුගේ කතා පුවතකි.

92 වැනි ඔස්කා හෙවත් ඇකඩමි සම්මාන උළෙල 2020 පෙබරවාරි 09 වන දින පැවැත්වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top