මාග්‍රට් ඇට්වුඩ් විසින් රචිත "ද හෑන්ඩ්මේඩ්ස් ටේල්" හි දෙවැනි කොටස වන "ද ටෙස්ටමෙන්ට්ස්" සඳහා ද එවරිස්ටෝ ගේ "ගර්ල්, වුමන්, අදර්" යන කෘතිය සඳහා මෙම සම්මානය හිමිවිය.
මේ අනුව, බුකර් සාහිත්‍ය සම්මානයේ ඩොලර් 50,000 ක ත්‍යාග මුදල මොවුන් දෙදෙනා අතර සමානව බෙදනු ඇත.
මෙහි තවත් සුවිශේෂී කරුණු ද්විත්වයක් වන්නේ මෙම සම්මානය දිනා ගත් වයස්ගතම කතුවරිය ඇට්වුඩ් වීමත්, බුකර් සම්මානයෙන් පිදුම් ලත් පළමු කළු ජාතික කාන්තාව එවරිස්ටෝ වීමත්ය.
වසර 1992 දී අවසන් වරට මෙම සම්මානය බෙදී යාමත් සමග සම්මාන නීති වෙනස් කෙරුණු අතර, මේ වසරේදී ජයග්‍රාහකයින් දෙදෙනෙකු තෝරා ගැනීමට විනිසුරු මඩුල්ලට ඉඩ නොදෙන බවත් සංවිධායකයින් පවසා තිබුණි.
කෙසේවෙතත්, පැය පහක සාකච්ඡාවකින් අනතුරුව විනිසුරුවන්ගේ සභාපති පීටර් ෆ්ලෝරන්ස් පැවසුවේ නීති රීති උල්ලංඝනය කිරීමට විනිසුරු මඩුල්ල තීරණය කළ බවයි.