Oct 16, 2019

විල් දිය මත නැටුම් ගැයුම් (වීඩියෝ)


Impression West Lake නමින් හැඳින්වෙන සංගීතමය සංදර්ශනය, නැගෙනහිර දිග චීනයේ පිහිටි ජර්ජියාන් පළාතේ හංජෝ නගරවැසියන් අතර මෙන්ම එම නගරය කරා යන සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය වේ.
වසර 2008 බීජිං ඔලිම්පික් උළෙලේ සමාරම්භක උළෙල මෙන්ම 2019 ඔස්තෝබර් 01 දා මහජන චීනයේ 70 වැනි සමරු උළෙල සඳහා පැවැත්වුණු සන්ධ්‍යා උත්සවය නිර්මාණය කළ ජාං යිමු විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම සංදර්ශනය මුල් වරට පැවැත්වූයේ 2016 හංජෝ නගරයේ පැවති G20 සමුළුව වෙනුවෙනි.

රාත්‍රී කාලයේදී 'වෙස්ට් ලේක්' විල් දිය මත සිදුකරන මෙම සංදර්ශනය, සංගීත අංග හා නැටුම් ගැයුම් වලින් මෙන්ම විල් දිය මත පරාවර්තනය වෛවර්ණ ආලෝකකරණයෙන්ද වර්ණවත් වේ.

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ චීන සාම්ප්රදායන් මෙන්ම බටහිර සම්ප්‍රදායන්ද මෙයට එක්ව තිබීමයි. ඒ අනුව 'ස්වෝන් ලේක්' බැලේ වෘතාන්තය වෙනුවෙන් නිර්මාණය වූ රැසියානු ජාතික සංගීතඥයෙකු වන චයිකොව්ස්කි ගේ 'ඩාන්ස් ඔෆ් ද සිග්නට්ස්' සංගීතය හා බැලේ නර්තනාංගයක් මෙන්ම බීතෝවන් ගේ සුප්රකට නිර්මාණයක් වන 'ඕඩ් ටු ජෝයි' ද මීට ඇතුළත් වෙයි.

මෙම අපූරු සංදර්ශනයේ දසුන් කිහිපයකි මේ :
 
(සටහන හා වීඩියෝ : ශානිකා ජයසේකර චීනයේ සිට)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top