Nov 18, 2019

ලතාට දැන් සුවයි

පපුවට බලපෑ වෛරස්  ආසාධන තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර සිටි භාරත ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කර් මේ වනවිට සුවය ලබමින් සිටින බව වාර්තා වේ.

ඇය පසුගිය සඳුදා බ්‍රීච් කැන්ඩි රෝහලට ඇතුළත් කර තිබේ.

එතැන් පටන් බොහෝ රසිකයන් සහ  ෂබානා අස්මි සහ හේමා මාලිනී වැනි බොලිවුඩයේ ජනප්‍රිය පුද්ගලයින් බොහෝ පිරිසක්  ඇයගේ ඉක්මන් සුවය ඉල්ලා යාච්ඤා කළ බව වාර්තා වේ.

සැප්තැම්බර් 28 වන දින 90 වන වියට පා තැබූ ලතා මංගේෂ්කර් 2001 දී ඉන්දියාවේ ඉහළම සිවිල් ගෞරවය වන භාරත් රත්න සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඇය ඉන්දියානු භාෂා 36 කට අධික සංඛ්‍යාවකින් ගීත පටිගත කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top