Dec 04, 2019

බැට්මෑන්, සුපිරි වීරයෙක් නෙමෙයි ලු

'ද බැට්මෑන්' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑමට නියමිත වුවද, හොලිවුඩ් නළු රොබට් පැටින්සන් පවසන්නේ බැට්මෑන් සුපිරි වීරයෙකු බව  විශ්වාස නොකරන බවයි.
ඔහු මේ බව පවසා ඇත්තේ සම්මුඛ සාකච්ඡාවක් අතරතුරදීය.

එලෙස පැවසීමට හේතුව විස්තර කරන පැටින්සන් පවසා ඇත්තේ සුපිරි වීරයෙකු වීමට එම පුද්ගලයාට විස්මිත මායා බලයක් තිබිය යුතු බවයි.

බැට්මෑන් චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු එළැඹෙන වසර මැද ඇරඹීමට නියමිත අතර, එය 2021 ජුනි 25දා තිරගත වනු ඇත.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top