Dec 18, 2019

ස්වර්ණවාහිනියේ 3කගේ සේවය අත්හිටුයි !

ස්වාර්ණවාහිනී ප්‍රවෘත්ති අංශයේ නිවේදිකාවක්, ප්‍රවෘත්ති කර්තෘවරයෙක් හා තවත් සේවිකාවක් ඇතුළු තිදෙනෙකුගේ සේවය අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරයාට අපහාස වන ප්‍රවෘත්තියක් පල කළේ යැයි වන චෝදනාවක් මත මොවුන්ගේ සේවය අත්හිටුවා ඇති බව පැවසේ.

ස්වර්ණවාහිනී ප්‍රධානී කේ. ශ්‍රී රංගා මහතා විසින් අදාල වැඩ තහනම් කිරීම සිදු කර තිබේ.

පසුගිය 11 වැනිදා ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ කිරීම සම්බන්ධයෙන් පලවූ පුවතකදී මෙසේ ජනපතිවරයාට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් පලව ඇති බව පැවසේ.

කෙසේවුවද, රංගා විසින් එම සේවකයන්ගේ වැඩ තහනම් කිරීම සිදු කර ඇත්තේ පසුගිය 12 වැනිදා මාධ්‍ය ප්‍රධානීන් හා ජනාධිපතිවරයා සමඟ පැවැති හමුවට ශ්‍රී රංගාට එක්වීමට ගැටලු පැන නැගීම නිසා බවද ස්වර්ණවාහිනී නාලිකාවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top