ඔහු, සෙල්ලම් බඩු සමාලෝචනය කරන 'රයන්ස් වර්ල්ඩ්' ගිණුමේ අයිතිකරු වන රයන් කාජි ය. ඔහු ඉහලම යූටියුබ් ආදායම් ලබන්නා ලෙස පත්වූයේ දෙවැනි වරටයි.
2018 ජුනි සිට 2019 ජුනි දක්වා කාලය තුළ ඇස්තමේන්තුගත ඉපැයීම් මත පදනම්ව, ෆෝබ්ස් හි වාර්ෂික ඉහළම -10 ශ්‍රේණිගත කිරීම්වලට අනුව, රයන් ගේ මෙම වසරේ ආදායම ඩොලර් මිලියන 26කි. පසුගිය වසරේ ඔහු ගේ ආදායම ඩොලර් මිලියන 22ක් විය.
ඉහළම ආදායම්ලාභී යූ ටියුබ් ගිණුම් අතරින් පිළිවෙළින් දෙවැනි හා තෙවැනි ස්ථාන වලට පත් වී ඇත්තේ Dude Perfect (ඩොලර් මිලියන 20) හා Nastya (ඩොලර් මිලියන 18) ය.
සමස්ථයක් වශයෙන් 2019 දී වැඩිම ආදායම්ලාභී යූටියුබ් ගිණුම්හිමියන් දසදෙනා විසින් ඩොලර් මිලියන 162 ක ආදායමක් උපයා ඇත.
යූටියුබ් වීඩියෝ සේවය ඔස්සේ වැඩිපුරම ආදායම් උපයන පුද්ගලයා ලෙස අට හැවිරිදි පිරිමි ළමයෙක් නම් කර තිබේ.
Last modified on Friday, 20 December 2019 13:18
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362