Dec 31, 2019

අමිතාබ් ට උසස්ම ගෞරව සම්මානයක් (වීඩියෝ)

බොලිවුඩ් පුරයේ දැවැන්තයෙකු වන අමිතාබ් බච්චන් Dada Saheb Phalke ගෞරව සම්මානයෙන් පිදුම් ලබා තිබේ.
මෙම ගෞරවය සම්මානය ඔහුට හිමිවූයේ ඉන්දීය ජනාධිපති - රාම් නාත් කෝවින්ද් අතිනි.

Dada Saheb Phalke සම්මානය යනු ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ පිදෙන ඉහළම සම්මානයයි.

77 හැවිරිදි බච්චන් මහතා විසින් සිනමා ක්ෂේත්‍රයට ලබාදුන් විශිෂ්ට දායකත්වය හේතුවෙන් මෙම සම්මානයට පාත්‍රවිය.

ස්වර්ණ කමල් නම් රන් නෙළුම් පදක්කමක් ද ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක මුදල් ත්‍යාගයක් ද බච්චන් මහතාට පිරිනැමුණි.

මෙම සම්මාන ප්‍රදානෝත්සවයට බච්චන් මහතාගේ බිරිඳ වන ජායා භච්චන හා පුත්‍රයා වන - අභිෂේක් භච්චන් ද සහභාගී විය.
 
(වීඩියෝ : NDTV)
 

 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top