කෙටි පණිවිඩ යැවීම හා අධිකරණ නියෝගයක් උල්ලංඝනය කිරීමෙන් ඇත්තටම ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබීමට සූදානම් වන්නේද ලෙස විනිසුරුවරයා මෙහිදී ඔහුගෙන් විමසා තිබේ.
එම ප්‍රශ්ණයට පිළිතුරු නොදෙන ලෙසද විනිසුරුවරයා වෙයින්ස්ටයින් හට පවසා ඇත.
මෙම සිදුවීම වාර්තා වන්නේ වෙයින්ස්ටයින්ට එරෙහිව පවතින ස්ත්‍රී දූෂණ නඩුව විභාග කිරීම සඳහා ජූරි සභිකයන් තෝරාගන්නා අතරතුරේදීය.
වෙයින්ස්ටයින් හට ස්ත්‍රී දූෂණ ඇතුළු චෝදනා පහක් එල්ල වී ඇති අතර, මෙම චෝදනා ඔප්පු වුවහොත් ඔහු ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්ද ලැබිය හැකිය.
අධිකරණ කටයුතු අතරතුරේදී සිය ජංගම දුරකතනය භාවිතා කිරීම හේතුවෙන් හොලිවුඩයේ හිටපු නිෂ්පාදකවරයෙකු වන හාවි වෙයින්ස්ටයින්, අධිකරණ විනිසුරුවරයාගේ දැඩි දෝෂදර්ෂනයට හේතුවී තිබේ.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362