Jan 09, 2020

ජස්ටින් බීබර්ට අසනීපයි ලු

තමා රෝගී තත්ත්වයක පසුවන බව කැනේඩියානු පොප් ගායක ජස්ටින් බීබර් පවසයි.

ඉන්ස්ටග්‍රෑම් සටහනක් එක්කරමින් ඔහු පවසා ඇත්තේ තමා ලයිම් රෝගයෙන් පෙළෙන බවයි. තමා දරුණු වෛරස් ආසාදනයකින් ද පෙළෙන බව හෙතෙම වැඩිදුරටත් පවසා ඇත.

තමාට මත්ද්‍රව්‍ය ගැටළුවක් ඇති බවට ඇතැම් සමාජ මාධ්‍යවල අනුමාන කර තිබීම පිළිබඳව තමා දැන සිටින ඔහු පවසා සිටියේය.

සිය රෝගී තත්ත්වයට නිසි ප්‍රතිකාර සිදුකරන බවත් මේ පිළිබඳ වැඩිදුර විස්තර ඉදිරියේදී සිය ජීවිතය පිළිබඳව නිර්මාණය වන යූටියුබ් වීඩියෝ එකතුවෙන් දැනගත හැකි බවත් බීබර් පවසයි.

ඇතැම් මැක්කන් විශේෂ අතර ජීවත් වන බැක්ටීරියාවකින් ලයිම් රෝගය ඇති වන අතර, කැසීම, මාංශ පේශි වේදනාව සහ විඩාව මෙහි රෝග ලක්ෂණ කිහිපයකි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top