Jan 23, 2020

5වැනි චීන චිත්‍රපට උළෙල ඇරඹෙයි (වීඩියෝ / ඡායා)

චීන නව වසර සැමරීම සඳහා කොළඹදී පැවැත්වෙන චීන සිනමා උළෙල ඊයේ (22) ආරම්භ විය.

පස්වැනි වරට පැවැත්වෙන මෙම සිනමා උළෙල මෙරට චීන තානාපති කාර්යාලය හා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සංවිධානය කර තිබෙන අතර, එහි සමාරම්භක උත්සවය ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී ඊයේ පැවැත්වුණි.

මෙහි  අවස්ථාවට මෙරට චීන තානාපති - චන් ෂුඒෂන් මහතා, ජාතික චිත්‍රපට සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක  - රොහාන් වෙලිවිට මහතා,  බුද්ධසාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් - බන්දුල හරිස්චන්ද්‍ර මහතා, චීන තානාපති කාර්යාලයේ සංස්කෘතික කටයුතු පිළිබඳ ප්‍රධානී - ලියු ඩොං මහතා ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරීන්, මාධ්‍යවේදීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්විය.

මෙම සිනමා උළෙලේ සමාරම්භක උත්සවය අමතමින් අදහස් දක්වමින් මෙරට චීන තානාපතිවරයා පවසා සිටියේ හොඳ චිත්‍රපටයක් නැරඹීම චීන ජනතාවගේ දෛනික ජීවිතයේ වැදගත් අංගයක් වී ඇති බවයි.

ජනකායන් අතර හුවමාරු, ද්විපාර්ශවික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ජනප්‍රිය පදනමක් බව සඳහන් කළ තානාපතිවරයා පවසා සිටියේ "මෙම චිත්‍රපට උළෙල නියත වශයෙන්ම අපගේ ජාතීන් දෙක අතර අන්‍යෝන්‍ය අවබෝධය වැඩි දියුණු කිරීමටත්, දෙරට අතර මිත්‍රත්වය වැඩිදුරටත් තහවුරු කර ගැනීමටත්, දෙරට හදවත් වඩාත් සමීප කරවීමට ඉවහල් වනු ඇති," බවයි.

තවද, දෙරට අතර සිනමා ක්‍ෂේත්‍රයේ වෘත්තීය හා තාක්‍ෂණික හුවමාරුව සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා තානාපති කාර්යාලය තවදුරටත් කටයුතු කරන බව චන් ෂුඒෂන් මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම උත්සවය අමතමින් රොහාන් වැලිවිටා මහතා පවසා සිටියේ චීනයේ නිර්මාණය හා නිෂ්පාදනය කරන ලද චිත්‍රපට මෙරට ප්‍රේක්ෂකයින් හට නොමිලේ නැරඹීමට අවස්ථාන සැලසීම පිළිබඳව චිත්‍රපට උළෙලේ සංවිධායකවරුන් ස්තූතිවන්ත වන බවයි.

චීනයේ අතිජනප්‍රිය විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වූ 'ද වොන්ඩරින් අර්ත්' (The Wandering Earth) මෙහිදී තිරගත කෙරුණි.

මෙම උත්සවයේ අවස්ථා කිහිපයක් පහත දැක්වේ.

ජනවාරි 26දා දක්වා තරංගනී ශාලාවේදී පැවැත්වෙන මෙම චිත්‍රපට උළෙල, හෙට සිට මහජනතාව හට නොමිලේ විවෘත වේ.

මෙම උළෙලට අයත් චිත්‍රපට මෙසේය :

ජනවාරි 23
A Journey to the Seaside - ප.ව. 6.00

ජනවාරි 24
The Great Wall

ජනවාරි 25
Extraordinary Mission - පෙ.ව. 10:30
Skiptrace - ප.ව. 2:00
The Wandering Earth - ප.ව. 6.00

ජනවාරි 26
Animal Rescue Squad පෙ.ව. 10:00

(වීඩියෝ හා ඡායා : ශානිකා ජයසේකර)

CFF1 670px 20 01 23CFF1 670px 20 01 23CFF1 670px 20 01 23CFF1 670px 20 01 23CFF1 670px 20 01 23CFF1 670px 20 01 23CFF1 670px 20 01 23

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top