Feb 01, 2020

ඇල්ස්ටන් කොච්, ඇකඩමි සම්මාන සාදයට

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඕස්ට්‍රේලියානු ජාතික කලාකරු - ඇල්ස්ටන් කොච් විසින් මෙවර පැවැත්වීමට නියමිත ඇකඩමි සම්මාන උළෙලෙන් පසුව පැවැත්වෙන සාදය ගීතවත් කිරීමට නියමිතය.

මෙම උත්සවය පෙබරවාරි 09දින බෙවර්ලි හිල්ස් හිල්ටන් හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ආසියාවේ පොප් රජු ලෙසද හැඳින්වෙන ඇල්ස්ටන් කොච් රිදී තිරයේ වඩා ජනප්‍රියත්වයට පත් වූයේ චන්ද්‍රන් රත්නම් විසින් අධ්‍යක්ෂණය කළ According to Mathew චිත්‍රපටය ඔස්සේය.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණපෙවූ කොච්, හොඳම නළුවා වෙනුවෙන් ඇකඩමි සම්මානය සඳහා ද නිර්දේශ වූ අතර, 2019 දී හොඳම නළුවා සඳහා වූ සිග්නිස් සම්මානයද හිමිවිය.

AlstonC1 670px 20 01 31

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top